Latest News

රුසියානු විදේශ ඇමතිගෙන් එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේදී චෝදනාවක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුරෝපීය හෝ නේටෝ රටවලට පහර දීමේ අභිප්‍රායක් කිසිදා නොතිබූ බව රුසියාව පවසනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පැවසුවේ ඕනෑම ආක්‍රමණයකට එරෙහිව තීරණාත්මක ප්‍රතිචාර දැක්වීමට පසුබට නොවන බවයි.

නේටෝ ගුවන් සීමාවට අනවසර ඇතුළු වූ බවට පසුගියදා රුසියාවට චෝදනා කරනු ලැබුවා.

විශේෂයෙන් නේටෝ ජෙට් යානා පෝලන්තය හරහා රුසියානු ඩ්‍රෝන යානා බිම හෙළීම සහ රුසියානු ප්‍රහාරක ජෙට් යානා තම භූමියට පියාසර කර විනාඩි 12 ක් රැඳී සිටි බවට එස්තෝනියාව චෝදනා කළා.

කෙසේවෙතත් තම ගුවන් යානා එස්තෝනියානු ගුවන් සීමාවට ඇතුළු වූ බවටත් ඩ්‍රෝන යානා පෝලන්තය ඉලක්ක කර නොගත් බවත් රුසියා විදේශ අමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.

ඩ්‍රෝන යානා වෙනත් ගුවන් මාර්ගයක් හරහා යැවූය‍ේ යුක්‍රේන සංඥා අවහිර කිරීම වෙනුවෙන් බවයි ඔහු කියාසිටියේ.

නමුත් යුරෝපීය නායකයින් මෙම සිදුවීම් නේටෝව කලබල කිරීමට හිතාමතා, ප්‍රකෝපකාරී ලෙස ගත් පියවරක් ලෙස රුසියානු විදේශ ඇමති එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේදී චෝදනා කරනවා.

World News

Send your contact Details Today