ඉරානයට ආර්ථික සම්බාධක නැවත පැනවීම මාස 6ක් ප්‍රමාද කරන ලෙස ඉල්ලා රුසියාව සහ චීනය ඉදිරිපත් කළ යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ ප්‍රතික්ෂේප කළා.
ඉරානයට ආර්ථික සම්බාධක පැනවිය යුතුද, නැතහොත් සම්බාධක ස්ථිරවම ඉවත් කළ යුතුද, යන්න පිළිබඳ මෙම කෙටුම්පත් යෝජනාව චීනය සහ රුසියාව විසින් රටවල් 15 කින් යුත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ පැවති ඡන්ද විමසීමට ඊයේ ඉදිරිපත් කළා.
මෙහිදී රුසියාව, චීනය, පකිස්ථානය සහ ඇල්ජීරියාව, ඉරානයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර, එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ඇතුළු රටවල් නවයක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.
රටවල් දෙකක් ඡන්දය දීමෙන් වැළකී සිටියා.
එහි ප්‍රතිඵලයක් ලෙස රුසියාව සහ චීනය අවසන්වරට දැරූ උත්සාහය අසාර්ථක වී තිබෙන අතර ඉරානයට කිසිදු රටක් සමඟ අවි ගනුදෙනුවලට එළඹීමට නොහැකි වනු ඇති.