ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ හමුදා ගැටුමක් පිළිබඳ අදහස් දක්වමින් ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් කළ ප්‍රකාශය හේතුවෙන් ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝනය කළ බවට වරදකරු කර තිබෙනවා.
ඔහු මෙම අදහස් පළ කර තිබුණේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සැප්තැම්බර් 14 වන දින පැවති පාකිස්තානය කණ්ඩායමට එරෙහි තරගයෙන් පසුවයි.
කෙසේවෙතත් ඔහුට ලබා දුන් නිශ්චිත දඬුවම කුමක්දැයි මෙතෙක් තහවුරු කර නොමැති අතර ඉන්දියාව එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.
සැප්තැම්බර් 14 වන දින තරගයෙන් පසුව සූර්යකුමාර් යාදෙව් පැවසුවේ ලැබූ ජයග්‍රහණය ඉන්දීය සන්නද්ධ හමුදාවන්ට කැප කළ බවයි.
ඉකුත් මැයි මාසයේදී පාකිස්තානයට එරෙහිව හමුදා මෙහෙයුමකට සහභාගී වූ ඉන්දියාවේ සන්නද්ධ හමුදාවන්ට මෙම කැපවීම සිදු කළ බව ඔහු පසුව සඳහන් කර තිබුණා.