බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේ සොරොකාබා හි ක්‍රියාත්මක වන ජපන් මෝටර් රථ නිෂ්පාදක ටොයොටා සමාගමේ කර්මාන්තශාලාවල නිෂ්පාදනයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
පසුගිය දින දෙක තුළ කුණාටු හේතුවෙන් ඇති වූ තද වැසි සහ තද සුළං මෙම කර්මාන්තශාලාවලට සැලකිය යුතු හානියක් සිදු කර ඇති අතර, මෝටර් රථ නිෂ්පාදනය දැඩි ලෙස බලපෑම් ඇතිව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පෝර්ටෝ ෆෙලිස් (Porto Feliz) එන්ජින් කම්හල ඇතුළු කම්හල් දෙකක මෝටර් රථ නිෂ්පාදනය නතර කර ඇති බව ද වාර්තා වනවා.
කුණාටුව හේතුවෙන් සේවකයින් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව ද සඳහන්.
ඊට අමතරව, ටොයොටා කළමනාකාරිත්වය ඔක්තෝබර් 16 වැනි දින දේශීය වෙළඳපොළ සඳහා යාරිස් ක්‍රොස් (Yaris Cross) නමින් නව මෝටර් රථ ආකෘතියක් හඳුන්වා දීමට සැලසුම් කර තිබූ නමුත්, මෙම සැලැස්ම දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව සැලකිය යුතු කරුණක් වනවා.