Latest News

නවසීලන්තය බලා ගිය බෝයිං 737 ක්වන්ටාස් ගුවන් යානයකින් Mayday ඇමතුමක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිඩ්නි සිට නවසීලන්තය බලා ගිය බෝයිං 737 ක්වන්ටාස් ගුවන් යානයක හදිසි තත්වයක් හේතුවෙන් Mayday ඇමතුමක් ලැබී තිබෙනවා.

යානය තුළ ගින්නක් ඇතිවීමේ අවදානමක් හේතුවෙන් ගුවන් නියමුවා විසින් Mayday ඇමතුම ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ගුවන් යානයේ Cargo කොටසේ ගිනි අනතුරු ඇඟවීමේ සංඥා දැල්වී ඇති අතර එය අවදානම් තත්වයක් ලෙස සලකා නියමුවා විසින් පාලක මැදිරිය දැනුම්වත් කර තිබෙනවා.

මෙම තත්ත්වය හේතුවෙන් ඔක්ලන්ඩ් ගුවන්තොටුපළේ හදිසි සේවා කිහිපයක් සූදානම් වූ අතර, ගිනි නිවීමේ රථ 16ක් සහිත විශේෂ ආපදා සේවාවන්ද කැඳවා තිබුණා.

පසුව පෙරවරු 11.05 ට පමණ ආරක්ෂිතව ඕක්ලන්ඩ් ගුවන් තොටුපළ වෙත යානය ළඟා වූ බව නවසීලන්ත මාධ්‍ය වාර්තා කළා.

යානය තුළ මගීන් 156 දෙනෙකු සිට ඇති අතර ඔවුන් ආරක්ෂාකාරීව ගුවන්තොටුපළට පැමිණ තිබෙනවා.

World News

Send your contact Details Today