Latest News

සෙල්ෆි ඡායාරූපයක් නිසා ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුලු දෙදෙනෙකු හොංකොං හීදී අත්අඩංගුවට

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලාංකික කාන්තාවක් සහ ඉන්දීය කාන්තාවක් හොංකොං හීදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දරුවෙකු අනතුරේ හෙළා සුළි කුණාටුවක සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියකට අදාළවයි.

ඉන්දීය කාන්තාව සහ දරුවා සමග එම සෙල්ෆි ඡායාරූපය ගෙන ඇත්තේ ශ්‍රී ලාංකික කාන්තාව බවටයි වාර්තා වන්නේ.

චීනය දෙසට හමායන ‘රාගසා‘ සුළිකුණුව හේතුවෙන් මෙම දිනවල හොංකොං දේශයටද බලපෑම් ඉල්ල වී තිබෙනවා.

ඒ අනුව හොංකොං වැසියන්ට ආරක්ෂිත ස්ථාන තුළ රැඳී සිටින ලෙසත්, වෙරළබඩ ප්‍රදේශවලින් ඈත්ව සිටින ලෙසත් එරට ආපදා අංශ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.

එවන් පසුබිමක් තුළ සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමට උත්සාය කළ අදාල කාන්තාවන් දෙදෙනා හොංකොං පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

World News

Send your contact Details Today