“පාවියා” බන්ධනාගාරයේ සිරකරුවන්ට කොන්ඩම් ලබා දීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම නතර කළ බව ටාලි බන්ධනාගාර පරිපාලන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ මෙම මුලපිරීම බන්ධන්ගාරය තුළ සෞඛ්‍යයට, සාමයට සහ ආරක්ෂාවට අවදානම් ඇති කිරීමට හැකි බැවින් බවයි පැවසෙන්නේ.
ඒ අනුව මෙම කොන්ඩම් භාවිතය හරහා රැඳවියන් අතර ප්‍රචණ්ඩකාරී හැසිරීම, සාමාන්‍ය පාලනයන් මග හරිමින් ශරීරගත කිරීමෙන් පවා මත්ද්‍රව්‍ය හා වෙනත් තහනම් ද්‍රව්‍ය සැඟවීමට භාවිතා කරමින් විකෘති කොන්ඩම් භාවිතයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.
එම නිසා සෞඛ්‍ය සහ ආරක්ෂක අවදානම් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබෙනවා.