Latest News

🏏 ASIA CUP 2025 | Super 04: කවුරුත් කතා නොකළ වනිඳු සහ දසුන්ගේ වාර්තා ගැන තොරතුරු මෙන්න

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විස්සයි විස්ස ආසියානු කුසලාන තරගාවලියක වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙලීමේ වාර්තාව හිමිකම් කීමට වනිඳු හසරංග පසුගිය දා පැවති පාකිස්තානයට එරෙහි තරගයේදී සමත් වුණා.

ඒ අනුව පාකිස්තානයට එරෙහිව ලබාගත් කඩුලු දෙකත් සමඟින් ඔහු මේ වනවිට විස්සයි විස්ස ආසියානු කුසලාන තරග තුළ කඩුලු 15ක් දවාගෙන තිබෙනවා.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ඇෆ්ගනිස්තානයේ රෂිඩ් ඛාන් වනවා.

මේ අතර ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු දසුන් ශානක විසින් එම තරගයේ දී ලකුණු රැස් කරගැනීමට පෙරම තමා මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලකුණු 0කට දැවී ගියා.

එලෙස ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස තරගයක දසුන් ශානක ලකුණු 0කට දැවී ගිය 14වන අවස්ථාව මෙය වනවා.

ඒ අනුව ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස තරග තුළ වැඩිම වාර ගණනක් ලකුණු 0ට දැවී ගිය ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ පෙරමුණේ පසුවන්නේ ද දසුන් ශානක යි.

එම ලැයිස්තුවේ දෙවන ස්ථානයේ බංගලාදේශ ක්‍රීඩක සවුම්‍ය සංකර් සිටින අතර එහි පස්වන ස්ථානයේ ඉන්දීය සුපිරි පිතිකරු රෝහිත් ෂර්මා රැඳී සිටිනවා.

World News

Send your contact Details Today