Latest News

2025 ඔක්තෝබර් මාසය සඳහා ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කරයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගෝලීය සංචාරක සඟරාවක් වන ටයිම් අවුට් (Time Out) විසින් 2025 ඔක්තෝබර් මාසය සඳහා ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.

ටයිම් අවුට් සඟරාව ශ්‍රී ලංකාවේ උණුසුම් නිවර්තන දේශගුණය, සංස්කෘතික උරුමය සහ ස්වභාවික සුන්දරත්වය අගය කර ඇති අතර, ඔක්තෝබර් මාසයේ සංචාරකයන් සඳහා එය කදිම ගමනාන්තයක් බව පෙන්වා දී ඇත්තේ.

රන්වන් වෙරළ තීරයන්, කඳුකරයේ ඇවිදීම, පුරාණ නටබුන් සහ වනජීවී සෆාරි ඇතුළු විවිධ අත්දැකීම් රාශියක් ලබා දෙන දූපතක් ලෙස ශ්‍රී ලංකාව මෙහිදී විශේෂයෙන් ඉස්මතු කර තිබෙනවා.

මෙම ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට පසුව තුර්කිය සහ නිව් මෙක්සිකෝව දෙවන සහ තෙවන ස්ථාන වලට පත්ව ඇති අතර ඊට අමතරව ස්පාඤ්ඤයේ වැලෙන්සියා, නිව්යෝක් නගරය, පිලිපීනය, භූතානය, බොස්නියා සහ හර්සගොවිනා, රුමේනියාවේ ටිමිසෝරා, සැන් ෆ්‍රැන්සිස්කෝ සහ නැමීබියාව වැනි ගමනාන්ත ද මෙම ලැයිස්තුවට ඇතුළත්.

World News

Send your contact Details Today