Latest News

චමරිගෙන් පසුව විශ්මිගෙන් වාර්තාවක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට 18 හැවිරිදි විශ්මි ගුණරත්න අද (16) සමත් වුණා.

ඒ අයර්ලන්තයට එරෙහිව බෙල්ෆාස්ට්හි පැවැති පළමු එක්දින තරගයේදීයී.

ඒ අනුව චමරි අතපත්තුගෙන් පසුව කාන්තා එක්දින ක්‍රිකට් තරගයක දී ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩිකාව බවට විශ්මි ගුණරත්න පත් වී තිබෙනවා.

අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පන්දු 98කදී ලකුණු 101ක් රැස් කරමින් ඇය මෙම වාර්තාව තැබුවා.

ඒ සඳහා හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක්ද අන්තර්ගත වෙනවා.

විශ්මි අද වාර්තා අතරට එක්ව ඇත්තේ එක්දින ශතකයක් වාර්තා කළ ළාබාලතම ශ්‍රී ලාංකිකයා ලෙසයි.

සංචාරක ශ්‍රී ලංකා කාන්තා පිල සහ අයර්ලන්ත කාන්තා පිල අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද බෙල්ෆාස්ට් හිදී ආරම්භ වුණා.

World News