Latest News

පිලිපිනයේ හිටපු ජනාධිපතිට මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පිලිපිනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේට ජාත්‍යන්තර අපරාධ අධිකරණය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල කර තිබෙනවා.

80 හැවිරිදි හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ ඔහුගේ මත්ද්‍රව්‍යට එරෙහි යුද්දයේ දී සිය ගණනකගේ මරණවලට වගකිව යුතු බවයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය චෝදනා කරන්නේ.

එම කාලය තුළ දී හිටපු ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් භාවිතා කරන්නන් හා අනෙකුත් සිය ගණනක පිරිසක් කිසිදු විභාගයකින් තොරව මරා දමා ඇති බවට චෝදනා එල්ල වනවා.

ඩුටර්ටේට එරෙහි චෝදනා ගොනු කිරීම පසුගිය ජූලි මාසයේ දී ආරම්භ කෙරුණු අතර සංශෝධන කිහිපයකින් අනතුරුව ඊයේ (22) ප්‍රසිද්ධියට පත්කෙරුණා.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නියෝජ්‍ය අභිචෝධකවරයා සඳහන් කරන්නේ ඩුටර්ටේ මෙම අපරාධයන්ට වක්‍රව සහාය දක්වා ඇති බවයි.

World News

Send your contact Details Today