Latest News

රජ පවුලේ මළ ගෙයක් නිසා සාජා හි දින 03ක ශෝක කාලයක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂාජාහි රාජකීය පවුලේ සාමාජිකයෙකු වන ෂෙයික් සුල්තාන් බින් කලීඩ් බින් මොහොමඩ් අල් කාසිම් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

සාජාහි පාලක සහ උත්තරීතර කවුන්සිලයේ සාමාජික, අතිගරු ආචාර්ය ෂෙයික් සුල්තාන් බින් මොහොමඩ් අල් කාසිම්ගේ කාර්යාලය විසින් නිකුත් කරන ලද නිල ශෝක ප්‍රකාශයක් මගින් මෙම අභාවය තහවුරු කර තිබෙනවා.

එම නිවේදනයට අනුව, ෂෙයික් සුල්තාන් බින් කලීඩ් මහතාගේ අභාවය 2025 සැප්තැම්බර් 22 වන සඳුදා දිනට යෙදී තිබූ හිජ්රි 1447 වසරේ රබී අල් අව්වල් මස 30 වන දින සිදුව තිබෙන බව සඳහන්.

මෙම වියෝව නිමිත්තෙන් ෂාජා එමීර් රාජ්‍යය තුළ අද (23) සිට බලපැවැත්වෙන පරිදි දින තුනක නිල ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අභාවප්‍රාප්ත ෂෙයික්වරයාගේ දේහය පිළිබඳ අවසන් ආගමික වතාවත් සහ ජනාසා යාඥාව අද දින, එනම් සැප්තැම්බර් 23 වන අඟහරුවාදා, පෙරවරු 10.00 ට ෂාජා හි කිං ෆයිසාල් මුස්ලිම් දේවස්ථානයේදී පැවැත්වෙන අතර, අනතුරුව දේහය අල් ජුබෙයිල් සුසාන භූමියේදී මිහිදන් කිරීමට නියමිතයි.

අද දින සිට ඉදිරි දින තුනක කාලයක් සඳහා ෂාජා හි අල් රම්ලා දිස්ත්‍රික්කයේ පිහිටි ෂෙයික් ෆයිසාල් බින් කලීඩ් බින් මොහොමඩ් අල් කාසිම්ගේ මජ්ලිස් (නිවහන) හිදී ශෝකය පළ කිරීම සඳහා අවස්ථාව සලසා දී තිබෙනවා.

පාලකයාගේ රාජකීය අධිකරණය, අභාවප්‍රාප්ත ෂෙයික්වරයාගේ පවුලේ සාමාජිකයන් වෙත සහ සමස්ත අල් කාසිම් පරපුර වෙත සිය බලවත් සංවේගය පළ කර තිබෙනවා.

World News

Send your contact Details Today