Latest News

බ්‍රිතාන්‍ය ප්‍රහාරක ජෙට් යානා නේටෝ ගුවන් ආරක්‍ෂක මෙහෙයුමට

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බ්‍රිතාන්‍ය ප්‍රහාරක ජෙට් යානා පෝලන්තය හරහා නේටෝ ගුවන් ආරක්ෂක මෙහෙයුමක් පවත්වා තිබෙනවා.

ඒ, පෝලන්ත ගුවන් සීමාව රුසියානු ඩ්‍රෝන යානා ආක්‍රමණය කිරීමට එරෙහිව මිත්‍ර පාක්ෂික ප්‍රතිචාරයක් ලෙසයි.

පසුගිය සතියේ පෝලන්ත ගුවන් සීමාවේ ඩ්‍රෝන යානා 19ක් අනාවරණය වීමෙන් පසු නැගෙනහිර කොටසේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා පෝලන්තයට ඉහළින් බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවේ ටයිෆූන් ජෙට් යානා යොදවා තිබූ බවට පෝලන්ත ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර සිටි බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ලින්කන්ෂයර් වෙතින් පෝලන්තයේ අහසේ මුර සංචාරය සඳහා පිටත්ව ගිය බ්‍රිතාන්‍ය ප්‍රහාරක ජෙට් යානා දෙකක් යළි බ්‍රිතාන්‍ය වෙත ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ මාසය තුළ රුසියාව විසින් රුමේනියාව, පෝලන්තය, එස්තෝනියාවේ ගුවන් සීමාව කිහිප වතාවක්ම උල්ලංඝනය කර ඇති බවටයි රුසියාවට චෝදනා එල්ල වන්නේ.

කෙසේවෙතත් පෝලන්ත ගුවන් සීමාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාව රුසියාව විසින් ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර සිටියේ පෝලන්තයේ පහසුකම් ඉලක්ක කිරීමට කිසිදු සැලසුමක් නොමැති බවයි.

2022 දී රුසියාව පූර්ණ පරිමාණයෙන් ආක්‍රමණය කිරීමෙන් පසු වසර කිහිපය තුළ ඩ්‍රෝන යානා සහ මිසයිල යුක්‍රේනයට මායිම්ව ඇති රටවලට වරින් වර පහර දී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේවෙතත් එක් දිනක් තුළ ඩ්‍රෝන යානා 19ක් පෝලන්තයට පැමිණීම සහ නේටෝ සාමාජිකයෙකු රුසියානු ඩ්‍රෝන යානා සමඟ සෘජුවම සම්බන්ධ වූ පළමු අවස්ථාව මෙය වනවා.

පෝලන්තය විසින් එම යානා තුනක් වෙඩි තබා බිම හෙලා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පෝලන්ත අගමැති ඩොනල්ඩ් ටස්ක් පැවසුවේ මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසු විවෘත ගැටුමකට පෝලන්තය මුහුණ දුන් ආසන්නතම අවස්ථාව වන බවයි.

සැප්තැම්බර් 14 වන දින රුසියානු ඩ්‍රෝන යානයක් තම ගුවන් සීමාව උල්ලංඝනය කළ බව වාර්තා කළ දෙවන නේටෝ රට වන්නේ රුමේනියාවයි.

එස්තෝනියාවේ ගුවන් සීමාව උල්ලංඝනය කළ බවට එල්ල වන චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

World News

Send your contact Details Today