Latest News

හැරී – මේගන් අමෙරිකාව අතහැර යළි බ්‍රිතාන්‍යයට එන ලකුණු

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දැනට අමෙරිකාවේ පදිංචිව සිටින සසෙක්ස් හි ආදිපාදවරයා වන හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් මාකල් යළි එක්සත් රාජධානියේ පදිංචියට පැමිණීමට සැලසුම් කරමින් සිටින බවට ප්‍රබල ඉඟියක් පළවී තිබෙනවා.

පසුගිය සතියේ ලන්ඩනයේ පැවති ‘වෙල්චයිල්ඩ්’ සම්මාන උළෙලට සහභාගී වූ අවස්ථාවේදී, ජනප්‍රිය ගායිකා ජොස් ස්ටෝන් සමඟ පැවැත්වූ සංවාදයකදී හැරී කුමරු විසින් මෙම ඉඟිය ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෑතකදී නැවත එක්සත් රාජධානියට පදිංචියට පැමිණි 38 හැවිරිදි ජොස් ස්ටෝන්, හැරී කුමරු සමඟ පැවති එම සංවාදය පිළිබඳව හෙළි කර තිබෙනවා.

“එක්සත් රාජධානියේ පාසල් කෙතරම් විශිෂ්ටද යන්නත්, දරුවන්ට ප්‍රජාවක කොටසක් වීම කෙතරම් වැදගත්ද යන්නත් ඔහු පැවසුවා,” යනුවෙන් ඇය සඳහන් කළා.

තම දරුවන්ට ආරක්ෂිත පරිසරයක්, පවුලේ අය සහ මිතුරන්ගේ සමීපත්වය ලබා දීමේ අරමුණින් තමන් නැවත සිය රටට පැමිණි බවත්, හැරී කුමරු එම කරුණු පිළිබඳව අව්‍යාජ උනන්දුවක් දැක්වූ බවත් ඇය වැඩිදුරටත් පැවසුවා.

41 හැවිරිදි හැරී කුමරු, තමන් සහ තම පවුල නැවත එක්සත් රාජධානියේ ජීවිතයට හුරුවන ආකාරය පිළිබඳව විමසූ බවද ජොස් ස්ටෝන් සඳහන් කළාය. “සමහරවිට හැරීත් නැවත මෙහි පදිංචියට ඒවි. එය ඉතා හොඳ දෙයක් වේවි,” යනුවෙන් ඇය අදහස් පළ කළා.

හැරී කුමරු සහ 44 හැවිරිදි මේගන් මාකල් 2020 වසරේදී රාජකීය වගකීම්වලින් ඉවත්ව එක්සත් රාජධානියෙන් පිටව ගිය අතර,ඔවුන් මේ වන විට තම දරුවන් වන 6 හැවිරිදි ආචී කුමරු සහ 4 හැවිරිදි ලිලිබට් කුමරිය සමඟ කැලිෆෝනියාවේ මොන්ටෙසිටෝ හි වාසය කරනවා.

මෙම ඉඟිය පළවන්නේ, හැරී කුමරු සහ ඔහුගේ පියා වන 76 හැවිරිදි චාල්ස් රජු අතර සබඳතා යම්තාක් දුරට යහපත් වෙමින් පවතින පසුබිමකයි.

මෙම මස මුලදී එක්සත් රාජධානියට පැමිණි හැරී කුමරු, සැප්තැම්බර් 10 වන දින ක්ලැරන්ස් හවුස් හිදී තම පියා සමඟ පැයකට ආසන්න කාලයක් පැවති පුද්ගලික හමුවකට සහභාගී වුණා.

එම හමුවේදී හැරී කුමරු සිය දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ පට පියාට පෙන්වූ බවටද වාර්තා පළ වුණා.

කෙසේ වෙතත්, එම හමුව සඳහා විලියම් කුමරු සහභාගී වී නොතිබීම විශේෂත්වයක්.

World News

Send your contact Details Today