මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කැරිබියන් මුහුදේ ගමන් ගත් නෞකාවකට ඇමරිකානු නාවික හමුදාව ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එහිදී තුන්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත පුද්ගලයින් බවට හඳුනාගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
අමෙරිකාව විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව එල්ල කළ තුන්වන මාරාන්තික ප්‍රහාරය මෙය ලෙසයි සැලකෙන්නේ.
මීට පෙර සිදු කළ ප්‍රහාර දෙකම වෙනිසියුලාව හරහා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයින්ට එරෙහිව එල්ල කළ අතර එහිදී පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.