රුසියාව එස්තෝනියාවේ ගුවන් සීමාව උල්ලංඝනය කිරීමට එරෙහිව එස්තෝනියාව විසින් නේටෝ සංවිධානයේ මැදිහත්වීමක් ඉල්ලා තිබෙනවා.
රුසියානු මිග් 31 ප්‍රහාරක ජෙට් යානා තුනක් එස්තෝනියා ගුවන් සිමාවට ඇතුලු වී විනාඩි 12ක කාලයක් රැඳී සිටීම සම්බන්ධයෙන් එස්තෝනියා විදේශ අමාත්‍යවරයා දැඩි අප්‍රසාදය පළ කරනවා.
එම ගුවන් යානා තම ගුවන් අවකාශය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නේටෝ සංවිධානයෙන් උපදෙස් ලබා ගැනීමට ද කටයුතු කර ඇති බවයි එස්තෝනියාව සඳහන් කරන්නේ.
රුසියාව ප්‍රකාශ කරන්නේ මෙම ගුවන් ගමන ජාත්‍යන්තර ගුවන් නීතිවලට අනුකුලව සිදුකළ බවයි.
එමෙන්ම අනෙකුත් රාජ්‍යයන්ගේ දේශසීමා උල්ලංඝනය කිරීමට තමන්ට අවශ්‍යතාවක් නැති බව රුසියාව සඳහන් කරනවා.
කෙසේ වුව ද එස්තෝනියා විදේශ අමාත්‍ය මාගස් ට්සාක්නා ප්‍රකාශ කළේ තම රට ප්‍රකෝප කිරීමේ අරමුණින් මෙම ගුවන් සංචාරය සිදුකළ බවයි.