Latest News

අන්තර්ජාලය ඔස්සේ ළමා අපයෝජන ඉහළ යාමක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අන්තර්ජාලය ඔස්සේ රැවටීමට ලක්කරමින් 2025 වසරේ මේ දක්වා කාලය සීමාව තුළ ළමුන් 28 දෙනෙකු සහ කාන්තාවන් 118 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්ව තිබෙන බව ශ්‍රී ලංකා පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, 2024 වසරේදී ද වයස අවුරුදු 18ට අඩු දරුවන් 15 දෙනෙකු සයිබර් අවකාශය හරහා ලිංගික අතවරවලට ලක්ව ඇති බවයි.

එමෙන්ම කාන්තාවන් 375ක්ද එම වසරේ දී මේ සඳහා ගොදුරු වී ඇති බව ඔහු සඳහන් කළා.

කෙසේ නමුත් මෙවැනි සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන් 114 දෙනෙක් අත්අඩංගුවට ගෙන නීතියට ක්‍රියාත්මක කිරීමට හැකිවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

World News

Send your contact Details Today