දුනිත් වෙල්ලාලගේ සිය පියාණන්ට අවසන් ගෞරව දැක්වීමෙන් පසු ආසියානු කුසලානයේ ඉදිරි තරගවලට සහභාගි වීම සඳහා අද( 19) රාත්‍රියේ යළි ඩුබායි බලා පිටත්ව යාමට නියමිතයි.
මේ අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින යොවුන් ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ ආදරණීය පියාණන්ගේ හදිසි අභාවය නිසා මේ වන විට ලොව පුරා සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් තම සංවේගය පළකර තිබෙනවා.