Latest News

හෙට කක්ෂගත කරන ලංකාවේ චන්ද්‍රිකාව මෙන්න

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තෙවැනි නැනෝ චන්ද්‍රිකාව හෙට (19) දින කක්ෂගත කිරීමට නියමිත බව මොරටුව ආතර් සී ක්ලාක් ආයතනය පවසනවා.

බර්ඩ්ස් – එක්ස් ඩ්‍රැගන්ෆලයි (Birds – X Dragonfly) ලෙස නම්කර ඇති එම චන්ද්‍රිකාව පසුගිය අගෝස්තු 24 වනදා නාසා ආයතනය විසින් දියත් කළ එස්.පී.එක්ස් – 33 රොකට් මෙහෙයුම මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතනය වෙත රැගෙන ගොස් තිබෙනවා .

2019 වසරේදී මෙරට පළමු නැනෝ චන්ද්‍රිකාව ලෙස “රාවණ – 1“ චන්ද්‍රිකාවත් 2022 වසරේදී ජාත්‍යන්තර පාර්ශවයන් 5ක සහභාගීත්වයෙන් යුතු තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියක් තුළින් නිර්මාණය කළ “කිට්සුනේ“ චන්ද්‍රිකාවත් මීට පෙර කක්ෂගත කර තිබුණා.

ඒ අනුව බර්ඩ්ස් – එක්ස් ඩ්‍රැගන්ෆලයි නැනෝ චන්ද්‍රිකාව හෙට පස්වරු 2.15ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට එහි කක්ෂය වෙත මුදා හැරීමට නියමිතයි.

World News

Send your contact Details Today