වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් යානයේ සුරතල් සතුන් රැගෙන යාමට පළමු වරට අවසර ලබාදී තිබෙනවා.
වසර ගණනක් තිස්සේ පාරිභොගිකයින්ගේ ලැබුන ඉල්ලීමක් මත ගුවන් යානයේ සුරතල් සතුන් රැගෙන යාමට අවස්තාව ලබාදුන් බවයි වර්ජින් ඔස්ට්‍රේලියා සභාපති ඩේව් එමර්සන් පවසන්නේ.
ඒ් අනුව සුරතල් සතුන් සෞඛ්‍ය ආරක්ෂණ සහතිකයක් සහිතව ගුවන් යානයේ රැගෙන යායුතු අතර සති 8 ට අඩු සතුන් සදහා එම අවස්තාව හිමිවන්නේ නැහැ.
එක් ගමනක දී රැගෙන යාහැකි උපරිම සතුන් ගණන 4 ක් බවයි වර්ජින් ඔස්ට්‍රේලියා සභාපති ඩේව් එමර්සන් සදහන් කරන්නේ.
සුරතල් සතුන් සමඟ ගමන් කිරීමට කැමති පාරිභෝගිකයන්ට ආවරණයක් සහිතව ගමන් කරන සතුන් සඳහා ඩොලර් 149 ක් ගෙවිය යුතු අතර සතුන්ගේ සහ ඔවුන්ගේ බහාළුම් වල සම්පුර්ණ බර 8Kg විය යුතු වනවා.
එමෙන්ම ආරක්ෂාව සහ සතුන්ගේ සෞඛ්‍යය සදහා සුරතල් සතුන් අසුන් යට තබාගෙන යායුතු අතර ගුවන් ගමන් කාලය අවසන් වනතෙක් සතුන් එළියට ගත නොහැකි බවයි වර්ජින් ඔස්ට්‍රේලියා පාරිභෝගිකයින්ට දැනුම්දෙන්නේ.