Latest News

හමාස් සංවිධානයේ අවසාන ප්‍රධාන බලකොටුවට එරෙහිව දැවැන්ත මෙහෙයුමක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය විසින් ගාසා නගරයට දිගු කලක් තිස්සේ සැලසුම් කර තිබූ ප්‍රධාන ගොඩබිම් ප්‍රහාරයක් දියත් කර තිබෙනවා.

එසේම රාත්‍රියේ දැඩි ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දහස් ගණනක් පලස්තීනුවන්ට ගසා තීරයේ මැදට තනි වෙරළබඩ මාර්ගයක් ඔස්සේ පලා යාමට දැනුම් දීමක් කර ඇති අතර, දැනටමත් පලා ගොස් ඇති ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එහි රැදී සිටින බව වාර්තා වනවා.

එක්සත් රාජධානියේ සහ අනෙකුත් රටවල තියුණු විවේචන මධ්‍යයේ මෙලෙස හමාස් සංවිධානයේ “අවසාන ප්‍රධාන බලකොටුවට” එරෙහිව “දැවැන්ත මෙහෙයුමක්” දියත් කර ඇති බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබෙන්නේ.

මෙම ප්‍රහාරය එල්ල වන්නේ ඊශ්‍රායලය ගාසා තීරයේ ජන සංහාරයක් සිදු කරන බවට එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසමක් සොයා ගැනීමත් සමඟ වීම ද විශේෂත්වයක්.

World News

Send your contact Details Today