Latest News

තායිවාන වැසියන්ට අලුත් ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යාවත්කාලීන කරන ලද සිවිල් ආරක්ෂක නව ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක් තායිවානය තුළ ලබන සතියේ නිකුත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

සතුරු සොල්දාදුවන් දුටුවහොත් කුමක් කළ යුතුද යන්න සම්බන්ධයෙන් එමගින් පළමුවරට පුරවැසියන්ට උපදෙස් දෙන අතර තායිවානය යටත් වීම පිළිබඳ ඕනෑම ප්‍රකාශයක් අසත්‍ය ලෙස සැලකිය යුතු බව පැහැදිලි කරනවා.

චීනයෙන් තීව්‍ර වන මිලිටරි පීඩනය හමුවේ විය හැකි හදිසි අවස්ථා සඳහා එහි ජනගහනය සූදානම් කිරීමට තායිවානයේ නවතම උත්සාහය එමගින් නියෝජනය කරනවා.

සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයන් සඳහා නිර්මාණය කර ඇති දීප්තිමත් රතු-තැඹිලි අත්පොතෙහි කවරයේ සහ පිටු 29 පුරා තායිවානයේ ජනගහනය නියෝජනය කරන කාටූන් චරිත ඇතුළත් වේ. එමගින් තායිවාන වැසියන්ට පවසන්නේ “එකිනෙකාව ආරක්ෂා කර අපගේ ආදරණීය නිවස ආරක්ෂා කරන” ලෙසයි.

“ස්වාභාවික විපත්, වසංගත, ආන්තික කාලගුණය හෝ චීන ආක්‍රමණයේ තර්ජනය කුමක් වුවත්, අප මුහුණ දෙන අභියෝග කිසිදා නතර වී නැත” යනුවෙන්.එම අත්පොත මගින් ජනතාව දැනුම්වත් කරනවා.

එමෙන්ම ස්මාර්ට්ෆෝන් යෙදුම් හරහා බෝම්බ ආවරණ සොයා ගන්නේ කෙසේද යන්න සහ සුරතල් සතුන් ඇතුළු පවුලේ සාමාජිකයින් සඳහා හදිසි කට්ටල සකස් කිරීම සඳහා එමගින් උපදෙස් ලබා දෙනවා. 

යාවත්කාලීන කරන ලද අත්පොත අධීක්‍ෂණය කළ ජාතික ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය මහලේකම් ලින් ෆී-ෆෑන් පැවසුවේ තායිවානය සෙසු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් විසින් සැලසුම් කරන ලද පැවැත්මේ මාර්ගෝපදේශකයන්ගෙන් ආභාෂයක් ලබාගෙන ඇති බවයි.

World News

Send your contact Details Today