ගිම්හාන උණුසුම් කාලගුණයෙන් පසු එක්සත් රාජධානියෙන් නව ලේඩිබර්ඩ් විශේෂයක් වාර්තා වී තිබෙනවා.
වයිල්ඩ් නිව් ෆොරස්ට් හි අධ්‍යක්ෂ මහාචාර්ය රසල් වින් පැවසුවේ මෙම කුඩා ආර්බෝරියල් ලේඩිබර්ඩ්, නිව්ෆොරස්ට් වනාන්තරයේ සලබ උගුල්වලින් හමු වූ අතර මෙම විශේෂය සම්බන්ධයෙන් පෙර තහවුරු කරන ලද බ්‍රිතාන්‍ය වාර්තා නොතිබුණු බවයි.
මෙම ලේඩිබර්ඩ් විශේෂය සාමාන්‍යයෙන් ප්‍රංශයේ සහ මහාද්වීපික යුරෝපයේ ජීවත් වන නමුත් සවුත්හැම්ප්ටන් සහ නිව්ෆොරස්ට් හි පදිංචි වීමට ඉංග්‍රීසි සමුද්‍ර සන්ධිය හරහා සංචාරය කර ඇති බව මහාචාර්ය වින් පැවසුවා.
එක්සත් රාජධානියේ විශේෂ ඉන්වෙන්ටරිය මෙම ලේඩිබර්ඩ් විශේෂය බ්‍රිතාන්‍යයට අලුතෙන් පැමිණ ඇති ලෙස හඳුනා ගනු ඇති බව ඔහු සඳහන් කළා.
නිව්ෆොරස්ට් ජෛව විවිධත්ව සංසදයේ සභාපතිත්වය දරන මහාචාර්ය වින් පැවසුවේ මෙම වසරේ උණුසුම් කාලගුණය තෙත්බිම් සතුන් කිහිප දෙනෙකුට දුෂ්කර වූ නමුත් ලේඩිබර්ඩ් විශේෂ ඇතුළු බොහෝ කෘමීන් සඳහා එය හොඳ වසරක් බවයි.
එමෙන්ම එක් ස්ථානයක පාරිසරික සමීක්ෂණයක් කිරීමෙන් වසර 20කට පසු පළමු වරට ප්‍රදේශයේ ස්ථානවලින් ලේඩිබර්ඩ් විශේෂ 13ක් සොයා ගත් බවයි මහාචාර්ය වින් වැඩිදුරටත් පැවසුවේ.