Latest News

1879 වර්ෂයට පසුව අමෙරිකාවේ සිදු වූ අසාමාන්‍ය දරු උපත

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ 6kg ක් බර දරු උපතක් සිදුවී තිබෙනවා.

ෆ්ලොරීඩා ප්‍රාන්තයේ රිවර්ව්‍යු (Riverview) හි BayCare’s St. Joseph’s Hospital-South රෝහල් දී මෙම දරුවා උපත ලබා ඇත්‌තේ සීසර් ශල්‍යකර්මයක් මඟින් බවයි වාර්තා වන්න‌ේ.

කිලෝ ග්රෑම් 6 ක් බරක් සහිතව උපත ලබා ඇති මෙම දරුවා පිරිමි දරුවකු වන අතර වෛද්‍යවරුන් පවසන්නේ අලුත උපන් දරුවකුගේ සමාන්‍ය බර හා දෙගුණයක් මෙම දරුවා බර බවයි.

මේ අතර 1879 ජනවාරි 19 වනදා 9.98 Kg මෙවැනි අසාමාන්‍ය දරු උපතක් සිදුව ඇති අතර එම දරුවා ඉපදී පැය 11ක් ඇතුලත මරණයට පත්වු බවයි විදෙස් වාර්තාසඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ කිලෝ ග්රෑම් 6 ක බරකින් උපත ලබා ඇති දරුවා මේවනවිට ඉතා හොද සෞඛ්‍ය තත්වයෙන් සිටින අතර ඔහුගේ මවගේ සෞඛ්‍ය තත්වයද යහපත් බවයි රෝහල් වෛද්‍යවරුන් සඳහන් කරන්නේ‍.

World News

Send your contact Details Today