Latest News

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාරක අනතුරක් – කාන්තාවක් මියගොස් තවත් 06 දෙනෙකුට තුවාල

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා කහතුඩුව අන්තර් හුවමාරුවේ සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද (16) අලුයම් කාලයේ ගාල්ල දෙස සිට කඩවත දෙසට ධාවනය වූ වෑන් රථයක් ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.

අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයේ රියදුරු ඇතුලු අට දෙනෙකු ගමන් කර තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු, පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙකු හෝමාගම රෝහලටත්, ළමුන් තිදෙනෙකු කළුබෝවිල රෝහලටත් ඇතුළත් කර ඇති අතර හෝමාගම රෝහලට ඇතුළත් කළ එක් කාන්තාවකුයි මෙලෙස මියගොස් ඇත්තේ.

මියගිය කාන්තාව වයස අවුරුදු 35ක් වූ වීරපාන ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මෘත ශරීරය හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මොරගහහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

World News

Send your contact Details Today