Latest News

SL vs IND T20: තර­ගා­ව­ලියේ ඉන්දීය පිළේ වග­කීම හර්දික් පාණ්ඩ්‍යාට

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා­වට එරෙ­හිව පැවැ­ත්වෙන තරග 3කින් සම­න්විත විස්සයි20 තර­ගා­ව­ලියේ ඉන්දීය පිල මෙහෙ­ය­වීමේ වග­කීම හර්දික් පාණ්ඩ්‍යාට හිමිව තිබෙන බව වාර්තා වනවා.

විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යෙන් පසු නායක රෝහිත් ෂර්මා සහ සුපිරි පිති­කරු විරාට් කෝලි ජාත්‍ය­න්තර විස්සයි20 පිටි­යට සමු­දුන් අතර, ඒ අනුව ඉන්දීය විස්සයි20 කණ්ඩා­යමේ නව නාය­කයා ලෙස තුන් ඉරි­යව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා පත්වනු ඇති බවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ආරංචි මාර්ග සඳ­හන් කරන බවයි එරට ප්‍රධාන පෙළේ මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ අතර විස්සයි20න් සමු­ගත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩ­ක­යන් වන ශර්මා සහ කෝලි සමඟ ජස්ප්‍රිට් බුම්රා ද ශ්‍රී ලංකා­වට එරෙ­හිව පැවැ­ත්වෙන තරග 3කින් සම­න්විත එක්දින තර­ගා­ව­ලි­යෙන් විවේක ගැන්වී­මට කට­යුතු කරනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබූ අතර, ඒ අනුව එක්දින කණ්ඩා­යම මෙහෙ­ය­වීමේ වග­කීම ලෝකේෂ් රාහුල්ට හිමි­වී­මට ඉඩ ඇතැයි ද එම වාර්තා සඳ­හන් කර තිබෙනවා.

මේ කණ්ඩා­යම් දෙකම නව ප්‍රධාන පුහු­ණු­ක­රු­වන් යටතේ මේ තර­ගා­ව­ලි­යට එක්වීම විශේ­ෂ­ත්ව­යක්.

ශ්‍රී ලංකා කණ්ඩා­යමේ වැඩ­බ­ලන ප්‍රධාන පුහු­ණු­කරු ලෙස සනත් ජය­සූ­රිය නම් කර ඇති අතර, විස්සයි20 ලෝක ශූර­තාව දිනා ගැනී­මෙන් පසු ඉවත්වූ රාහුල් ඩ්‍රාවිඩ් වෙනු­වට ගෞතම් ගාම්භීර් ඉන්දීය නව ප්‍රධාන පුහු­ණු­කරු ලෙස පත් කෙරුණා.

දෙපිල අතර විස්සයි20 තර­ගා­ව­ලිය රාත්‍රි තරග ලෙස මහ­නු­වර පල්ලෙ­කැලේ ක්‍රීඩාං­ග­ණ­යේදී මේ මස 26, 27 සහ 29 පැවැ­ත්වෙන අතර, එක්දින තර­ගා­ව­ලිය කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී දිවා රාත්‍රි තරග ලෙස පැවැ­ත්වෙන්නේ ලබන මස 1, 4 සහ 7 දින­ව­ලයි.

ඉන්දීය පිල අව­සන් වරට 2021 වසරේ ජූලි මස ද්විපා­ර්ශ්වික තර­ගා­ව­ලි­යක් සඳහා ශ්‍රී ලංකාවේ සංචා­ර­ය­කට එක්වූ අතර, එහිදී තරග 3කින් සම­න්විත එක්දින තර­ගා­ව­ලිය 2-1ක් ලෙස ඉන්දි­යාව ජය­ගත් අතර, ශ්‍රී ලංකාව තරග 3කින් සම­න්විත විස්සයි20 තර­ගා­ව­ලිය 2-1ක් ලෙස ජය ගත්තා.

World News