බටහිර මියන්මාරයේ පාසලක නේවාසිකාගාර ගොඩනැගිල්ලකට ගුවන් ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
මෙම ප්රහාරයෙන් සිසුන් 22 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ප්රහාරය එල්ලවී ඇත්තේ සිසුන් නින්දේ සිටි අවස්ථාවකයි.
සන්නද්ධ කැරලි කණ්ඩායම් සිටින ප්රදේශයක් ඉලක්ක කර මියන්මාර හමුදාව විසින් මෙම ප්රහාරය එල්ල කර තිබුණා.