Latest News

භූ කම්පනයක් නිසා රුසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළ තීරය ආසන්නයේ රිච්ටර් මාපකයේ 7.4 ක භූකම්පනයක් ඇතිවී තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භූමිකම්පාව පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි සිට කිලෝමීටර් 111.7ක් නැගෙනහිරින් සහ කිලෝමීටර් 39ක් පමණ ගැඹුරින් සිදු වූ බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.

පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයට අනුව මීටරයක් ​​දක්වා රළ ඇති විය හැකියි.

World News

Send your contact Details Today