Latest News

🏏 ASIA CUP 2025: ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද – පළමු තරගයට පෙර චරිත් කියූ දේ

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙවර ආසියානු කුසලානයේ දී ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද (13) ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණය දී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08.00ට ආරම්භ වීමට නියමිතයි.

මෑතකාලීන ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ශ්‍රී ලංකාවේ ප්‍රබල ප්‍රතිවාදියෙක් වූ බංගලාදේශ කණ්ඩායම හෙට ශ්‍රී ලංකාවට එරෙහිව තරග වදිනු ලබනවා.

තරගය පිළිබද ඊයේ පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් චරිත අසලංකා කියා සිටියේ තරගයේ සඳහා කණ්ඩායමේ සුදානම යහපත් මට්ටමක පවතින බවයි.

අද තරගය සඳහා ද සිම්බාබ්වේ සමඟ අවසන් විස්සයි විස්ස තරගය සඳහා ක්‍රීඩා කළ පිතිකරණ අනුපිළිවෙල යොදා ගැනීමට බලාපොරොත්තු වන බව චරිත් පවසා සිටියා.

ආබාධයකට ලක් වීමෙන් සිම්බාබ්වේ තරගාවලිය සඳහා ක්‍රීඩා නොකළ වනිඳු හසරංග ද තරගය සඳහා එක් වීමට නියමිත බව චරිත වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම අද තරගයේදී බංගලාදේශයට එරෙහිව වේග පන්දුයවන්නන් තිදෙනෙක් යොදා ගැනීමට බලාපොරොත්තුවන බවද ශ්‍රී ලංකා නායකයා පවසා සිටියා.

World News

Send your contact Details Today