Latest News

බාලි සහ ආසියානු රටවල් වෙත ගමන් කරන අයට අනතුරු ඇඟවීමක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බාලි වෙත පැමිණෙන සංචාරකයින්ට සරම්ප එන්නත ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය බලධාරීන් කෙයාර්න්ස් (Cairns) නගරයේ දෙවැනි සරම්ප රෝගියා ද සොයාගත් බව තහවුරු කිරීමෙන් අනතුරුවයි.

මෙම රෝගියා, මීට පෙර බාලි සිට පැමිණි ආරම්භක රෝගියා සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති අතර, ඔහු එන්නත් ලබාගෙන නොමැති බව ද අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, පසුගිය දින කිහිපයේ Mad Monkeys Waterfront backpackers, Rufus Restaurant, සහ Cairns GP Superclinic අවට ස්ථානවල සිටි පුද්ගලයින් සරම්ප රෝග ලක්ෂණ පිළිබඳව විමසිලිමත් වන ලෙසයි.

මේ වන විට බාලි ඇතුළු තායිලන්තය, මැලේසියාව, වියට්නාමය සහ ඉන්දුනීසියාව ඇතුළු අග්නිදිග ආසියාවේ සරම්ප ව්‍යප්තියක් පවතින බවයි කෙයාර්න්ස් මහජන සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජැකලින් මර්ඩොක් (Jacqueline Murdoch) පවසන්නේ.

ඉදිරි මාසවලදී බාලි හෝ ආසියානු රටවල් වෙත ගමන් කිරීමට අපේක්ෂා කරන්නන් පවුලේ වෛද්‍යවරයා මඟින් සරම්ප එන්නත් ලබාගැනීම සනාථ කරගැනීමට යොමු විය යුතු බව ද ඇය පෙන්වා දෙනවා. .

සරම්ප යනු කැස්ස සහ කිවිසුම් මගින් හෝ නාසයෙන් හෝ මුඛයෙන් පිටවන ස්‍රාවයන් සමඟ සෘජුව සම්බන්ධ වීමෙන් පැතිරෙන බෝවන වෛරසයක් වනවා.

ආසාදිත පුද්ගලයෙකු සමඟ සම්බන්ධ වීමෙන් දින 7 ක් හෝ 10 කට පසුව රෝග ලක්ෂණ ආරම්භ විය හැකි අතර ඇතැම් අවස්ථාවලදී ඒ සදහා සති තුනක් ගත විය හැකියි.

සරම්ප එන්නත ලබා ගත් හෝ කලින් වැළඳී ඇති පුද්ගලයින්ට රෝගය වැළඳීමේ සම්භාවිතාව ඉතා අඩු මට්ටමක පවතින බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

World News

Send your contact Details Today