Latest News

චීනයේ මෝටර් රථ නිෂ්පාදනය හා අලෙවිය පිළිබඳව නවතම වාර්තාවක්

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා චීනයේ නිෂ්පාදිත සහ අලෙවි වූ මෝටර් රථ සංඛ්‍යාව කෝටි 2 ඉක්මවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නවතම වාර්තාවන්ට අනුව නිෂ්පාදිත මෝටර් රථ සංඛ්‍යාව 21,051,000ක් වූ අතර, අලෙවි කළ මෝටර් රථ සංඛ්‍යාව 21,128,000ක්.

මෙම සංඛ්‍යාව පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂ ව පිළිවෙළින් 12.7%කින් හා 12.6%කින් වර්ධනය වීමක් බවයි චීන මෝටර් රථ කර්මාන්ත සංගමය ඊයේ (11) පැවසුවේ.

නව බලශක්ති මෝ‍ටර් රථ නිෂ්පාදනය හා අලෙවිය ද වෙන් වෙන් ව 9,625,000ක් හා 9,620,000ක් වනවා.

එය පසුගිය වසරේ එම කාලය හා සැසඳීමේ දී පිළිවෙළින් 37.3%ක හා 36.7%ක වැඩි අගයක් ගැනීම ද විශේෂත්වයක්.

වසරේ මුල් මාස 8 තුළ, අපනයනය කෙරුණු නව බලශක්ති මෝටර් රථ සංඛ්‍යාව ද 1,532,000ක් වූ අතර, එය ද වාර්ෂිකව 87.3%කින් වර්ධනය වීමත් කැපී පෙනෙන්නක් වනවා.

World News

Send your contact Details Today