බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27යි මාස 03ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
ඒ හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන්.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 05 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් විසින් මෙම තීරණය ප්‍රකාශයට පත් කළා.
2022 මැතිවරණයෙන් ඔහුගේ වාමාංශික ප්‍රතිවාදියා වූ ලූලා ද සිල්වා ජයග්‍රහණය කර තිබූ අතර, එම මැතිවරණය අවලංගු කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් බොල්සොනාරෝට චෝදනා එල්ල වී තිබුණා.
නඩු විභාගය සිදු කළ විනිසුරුවරුන් හතර දෙනෙකු ඔහු වැරදිකරු බව තීරණය කළ අතර, එක් අයෙකු ඔහුව නිදහස් කිරීමට ඡන්දය ලබා දී තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මේ වනවිට නිවාස අඩස්සියේ සිටින බොල්සොනාරෝ නඩු විභාගය සඳහා සහභාගී කර තිබුණේ නැහැ.
මෙම තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ කියා සිටියේ, මෙම තීන්දුව අසාධාරණ සහ මායාකාරී දඬුවමක් බවයි.