Latest News

ඔබේ දරුවාට මේ කෑම වර්ග දෙන්න එපා – UNICEF වෙතින් දැනුම්දීමක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නවතම යුනිසෙෆ් වාර්තාවක් අනුව පාසල් යන වයසේ දරුවන් සහ නව යොවුන් වියේ පසුවන්නන් අතර අධික ස්ථූලතාවය වර්ධනය වී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව වයස අවුරුදු 5 සිට 19 දක්වා දරුවන්ගෙන් තුනෙන් එකකට ශරීර ස්කන්ධ දර්ශකය ඇත්තේ තරබාරු හෝ අධික බර පරාසය තුළ බව වාර්තාවෙන් අනාවරණය වී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව, පාසල් යන වයසේ දරුවන් සහ නව යොවුන් වියේ දරුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට එනම් දළ වශයෙන් ලොව මිලියන 188 කට වැඩි දරුවන් තරබාරුකම ඇති බව සොයා ගනු ලැබුවා.

තවද 2000 වසරේ 3% ක් ලෙස වාර්තා වූ අධික ස්ථූලතා අනුපාතය 2022 වසර වන විට තුන් ගුණයකින් වැඩි වී 9.4% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙයට ආසන්නතම හේතුව සීනි, ලුණු සහ මේදය අධික ලෙස අඩංගු ආහාර බවයි යුනිසෙෆ් පෙන්වා දෙන්නේ.

රටවල් 170කින් වයස අවුරුදු 13ත් 24ත් අතර තරුණ තරුණියන් 64,000ක් යොදාගෙන යුනිසෙෆ් ආයතනය විසින් පවත්වන ලද මත විමසුමකදී, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 75ක් කියා සිටියේ පසුගිය දින කිහිපයේ අධික සීනි සහිත පාන වර්ග, කෙටි ආහාර හෝ ක්ෂණික ආහාර සඳහා දැන්වීම් දුටු බවයි.

මේ හේතුවෙන් ලොව පුරා රජයන් කඩිනමින් විසදුම් සෙවීම අවශ්‍ය බව යුනිසෙෆ් පෙන්වා දෙන අතර අලෙවිකරණ සීමා කිරීම් සහ පාසල්වල ඒවා තහනම් කිරීම කළ යුතු බව සදහන් කරනවා.

World News

Send your contact Details Today