ලොව පළමු වරට AI Chatbots සම්බන්ධ නව නියාමන ඉදිරිපත් කිරීමට ඔස්ට්‍රේලියාව පියවර ගෙන තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ eSafety කොමසාරිස් ජූලි ඉන්මන් ග්‍රාන්ට් (Julie Inman Grant) විසින් දරුවන් ආරක්ෂිතව තබා ගැනීම සඳහා Online Safety පනත යටතේ නව කේත 6 ක් ලියාපදිංචි කිරීමට පියවර ගනු ලැබුවා.
ඒවා AI chatbot apps, social media platforms, app stores සහ තාක්ෂණ නිෂ්පාදකයින්ට අදාළ වන අතර, හානිකර අන්තර්ගතයට ප්‍රවේශ වීමට උත්සාහ කළහොත් පරිශීලකයින්ගේ වයස සනාථ කිරීමට ඔවුන්ට සිදුවනු ඇති.
ඉන් ඔස්ට්‍රේලියානු දරුවන් AI සහචරයින් සමඟ ලිංගික, ප්‍රචණ්ඩකාරී හෝ හානිකර සංවාද පැවැත්වීම වළක්වනු ඇති බවයි eSafety කොමසාරිස්වරිය පෙන්වා දෙන්නේ.
අන්තර්ජාලය හරහා හානිකර අන්තර්ගතයන්ට ප්‍රවේශ වන දරුවන්ගේ සංඛ්‍යාව සීමා කිරීම ද මේ යටතේ සිදු කෙරෙනවා.
eSafety කොමසාරිස්වරිය පවසන්නේ වයස අවුරුදු 10 ත් 11 ත් අතර ළමුන් දිනකට පැය 6ක් පමණ AI Chatbots භාවිතා කරන බවයි.
එක්සත් රාජධානියේ තාක්ෂණික සමාගමක් එහි “නිරුවත්” අඩවි සම්බන්ධයෙන් ඩොලර් මිලියන 49.5 ක දඩයකට යටත් කර ඇති අතර, පාසල් දරුවන් ව්‍යාජ නිර්මාණ සකස් කිරීමට මෙම අඩවි භාවිතා කරන බවටයි ඇය චෝදනා කරන්නේ.
මේ අතර eSafety කොමසාරිස්වරිය සඳහන් කර ඇත්තේ ලබන දෙසැම්බර් 10 වනදාට පෙර වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ ගිණුම් හඳුනාගෙන අක්‍රිය කිරීමේ වගකීම සමාජ මාධ්‍ය සහ තාක්ෂණික සමාගම් වෙත යොමු කරන බවයි.