නේපාලයේ උත්සන්න වූ දේශපාලන නොසන්සුන්තාව සහ ප්‍රචණ්ඩකාරී විරෝධතාවෙන් බලපෑමට ලක්වූ, ඉන්දියාවේ සිට ලුම්බිණියට ගිය ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 73 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එරටින් සුරක්ෂිතව ඉවත් කර තිබෙනවා.
මෙම වන්දනාකරුවන් දැනට ඉන්දියා-නේපාල දේශසීමාවේ සිටින බවයි ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පවසා ඇත්තේ.
නේපාල හමුදාව දැනටමත් තත්ත්වය පාලනය කර ඇති අතර, ජනතාවට නිවෙස්වල රැඳී සිටින ලෙසට නිවේදනයක් නිකුත් කර ඇති බව තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර, කත්මණ්ඩු පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ලද නවතම තොරතුරු අනුව, නේපාලයේ වෙසෙන මුළු ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 102 ක්.
තානාපති කාර්යාලය ඕනෑම ආධාරයක් සඳහා තානාපති කාර්යාලය හා සම්බන්ධ වීමට පහසුකම් සලසා තිබෙනවා.
විදේශ අමාත්‍යාංශය තානාපති කාර්යාලය සමඟ නිරන්තරයෙන් සන්නිවේදනයේ නිරතව සිටින බවයි වාර්තා වන්නේ.