Latest News

හමාස් නායකයාගේ පුතා ජිවිතක්ෂයට

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කටාරයේ දෝහා අගනුවර රැඳී සිටින හමාස් නායකයන් ඉලක්ක කරමින් ඊශ්‍රායල් ආරක්ෂක හමුදා ඊයේ (09) ගුවන් ප්‍රහාරයක් එල්ල කළා.

එම ගුවන් ප්‍රහාරයේදී දෝහා නුවර හමාස් නායකයන් රැඳී සිටි ස්ථානයට බෝම්බ දහයක් පමණ ඊශ්‍රායල හමුදාව හෙළා තිබූ අතර ඉන් නගරයේ පිපිරීම් කීපයක් සිදුවුණා.

ප්‍රහාරයට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතිය හිමිව තිබූ බවද වාර්තා වුණා.

ප්‍රහාරයෙන් පසුව නිවේදනයන් නිකුත් කරමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රකාශ කර සිටියේ සිවිල් වැසියන්ට අවම හානියක් වන පරිදි ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ගුවන් ප්‍රහාරය එල්ල කළ බවත් ත්‍රස්තවාදීන්ට ලෝකයේ කිසිම තැනක බේරීමක් නොමැති බවට ප්‍රහාරය සාක්ෂියක් බවයි.

කෙසේ වෙතත් ඝාතනය කිරීමට උත්සාහ කළ ගාසා තීරයේ හමාස් නායක කලිල් අල් හේයා ප්‍රහාරයෙන් ජීවිතය බේරාගෙන ඇති අතර ඔහුගේ පුත්‍රයාට සහ තවත් පස්දෙනෙකුට ප්‍රහාරයෙන් ජීවිතය අහිමි වී තිබෙනවා.

ප්‍රහාරයෙන් දිවි අහිමි වූ පුද්ගලයන් අතර කටාර් හමුදා සාමාජිකයකුද සිටිනන බවයි එරට බලධාරීන් ප්‍රකාශ කළේ.

World News

Send your contact Details Today