Latest News

පෝලන්ත ගුවන් සීමාව උල්ලංඝනය කළ රුසියානු ඩ්‍රෝන යානාවලට පාඩමක් උගන්වයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේනයට එල්ල වූ ප්‍රහාරයකදී තම ගුවන් සීමාව උල්ලංඝනය කළ රුසියානු ඩ්‍රෝන යානා වෙඩි තබා බිම හෙළූ බව පෝලන්තය සඳහන් කරනවා.

එය යුක්‍රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු නේටෝ රට තම ගුවන් සීමාව තුළ රුසියානු වත්කම් සෘජුවම සම්බන්ධ කරගත් පළමු අවස්ථාව සනිටුහන් කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

පෝලන්ත සන්නද්ධ හමුදාවන් සඳහන් කර ඇත්තේ, ඩ්‍රෝන යානා මගින් නැවත නැවතත් ගුවන් සීමාව උල්ලංඝනය කර ඇති බවත්, ආයුධ භාවිත කර ඇති බවත්, බිම හෙලන ලද ඉලක්ක සොයා ගැනීමට මෙහෙයුම් සිදුවෙමින් පවතින බවයි.

මීට පෙර, හමුදා ක්‍රියාකාරකම් හේතුවෙන් පෝලන්තයේ ප්‍රධාන ගුවන් තොටුපළ ඇතුළු ගුවන් තොටුපළ හතරක් වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රුසියාව ප්‍රමුඛ හමුදා අභ්‍යාස බෙලරුස් හි පැවැත්වීමට නියමිත බැවින්, බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේදී බෙලරුස් සමග දේශසීමාව වසා දැමීමට සැලසුම් කර ඇති බව පෝලන්තය මීට පෙර ප්‍රකාශ කළා.

World News

Send your contact Details Today