Latest News

“නිහඬ ආසාදනයක්” ගැන නවතම අනාවරණයක්

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

“නිහඬ” මැලේරියා ආසාදන මිනිසුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කළ හැකි බව නව පර්යේෂණයකින් සොයාගෙන තිබෙනවා.

මොනෑෂ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩයනා හැන්සන් (Diana Hansen) විසින් මෙහෙයවන ලද මෙම පර්යේෂණයේදී, ජාත්‍යන්තරව බහුලව දක්නට ලැබෙන මැලේරියා ආසාදනය වන ප්ලාස්මෝඩියම් වයිවැක්ස් (Plasmodium vivax) කෙරෙහි අවධානය යොමු කරනු ලැබුවා.

මැලේරියා ආවේණික කලාපවල පුද්ගලයින් බොහෝ විට රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදනය පෙන්නුම් කර ඇති අතර එය “නිහඬ ආසාදනයක්” ලෙසයි නම් කර ඇත්තේ

මෙම ආසාදනය, ප්‍රතිශක්තිය වැඩි කිරීමට සහ අනාගත රෝග වැළැක්වීමට උපකාරී වන බවයි සාම්ප්‍රදායිකව සලකනු ලැබුවේ.

එහෙත් නව සොයාගැනීමෙන් හෙළිවී ඇත්තේ මෙම උප-සායනික (sub-clinical) ආසාදනය මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කළ හැකි බවයි.

රෝග ලක්ෂණ සහිත සහ රෝග ලක්ෂණ නොමැති Plasmodium vivax ආසාදිත පුද්ගලයින්ගේ රුධිර සාම්පල පර්යේෂණ කණ්ඩායම විශ්ලේෂණය කර තිබෙනවා.

එහිදී කණ්ඩායම් දෙකම ප්‍රතිශක්තිකරණ අක්‍රියතා සලකුණු පෙන්නුම් කර ඇති අතර විශේෂයෙන් ආසාදනවලට එරෙහිව සටන් කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන monocytes සෛල මගින් සිදුකෙරෙන ක්‍රියාකාරකම් දැඩි ලෙස අඩාල වී තිබූ බවයි හෙළිවී ඇත්තේ.

රෝග ලක්ෂණ නොපෙනෙන පුද්ගලයන්ගේ අත්‍යවශ්‍ය ආරක්ෂාකාරී සෛල ක්‍රියාකාරීත්වය බිඳ වැටී තිබූ බව ද පර්යේෂණයේදී සොයාගෙන තිබෙනවා.

World News

Send your contact Details Today