2025 වසරේ දැවැන්තම තාක්ෂණික එළි දැක්වීමක් ලෙස සැලකෙන Apple iPhone 17 මාදිලිය නිකුත් කර තිබෙනවා.
එහි මිල ඇමරිකානු ඩොලර් 899න් ආරම්භ වන අතර iPhone 17 Air, iPhone 17 Pro සහ iPhone 17 Pro Max පිළිබඳව නිවේදනය කරන බවද වාර්තා වනවා.
මීට අමතරව AirPods Pro 3,Apple Watch Series 11 ද එළිදක්වන බව සඳහන්.
සැප්තැම්බර් 12 වන දින සිට පෙර ඇනවුම් ලබා දිය හැකි අතර සැප්තැම්බර් 19 වන දින iPhone 17 අලෙවිය ආරම්භ වනවා.
මීට අමතරව සැප්තැම්බර් 15 වන දින iOS 26 යාවත්කාලීන කිරීමද නිකුත් කරන බව Apple සමාගම සමාගම නිවේදනය කර තිබෙනවා.
මෙම එළිදැක්වීමේ උත්සවය කැලිෆෝනියාවේ Cupertino හි Apple Park හි පිහිටි Steve Jobs රඟහලේදී පැවැත්වෙන අතර එය ලොව පුරා විකාශනය කෙරේ.