Latest News

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසි වාරය අද ඇරඹේ

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසි වාරය අද (08) ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ජනරාල් වෝල්ටර් ටර්ක්ගේ ප්‍රධානත්වයෙන් අද (08) ආරම්භ වන සැසි වාරය ලබන මස 08 වනදා දක්වා පැවැත් වෙනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසි වාරයට සහභාගී වී සිටිනවා.

එහිදී අමාත්‍යවරයා ලක් රජය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට ද නියමිතයි.

ඊට අමතරව මෙම සංචාරය තුළදී අමාත්‍යවරයා ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රකයින් කිහිපදෙනෙකු සමඟ ජිනීවා නුවරදී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් සමඟ ද විශේෂ හමුවක් ද පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ මෙරට සංචාරයෙන් පසු මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් රජයේ නිල පිළිතුරු මානව හිමිකම් කවුන්සිලය වෙත භාර දී ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටියා.

World News

Send your contact Details Today