අද (08) දිනයේ සිට රථ වාහන නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.
ඒ, අනුව දිවයින පුරා පොලිස් නිලධාරීන් වාහන පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා අද සිට යොදවන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
මෙහිදී විවිධ වර්ණ සහිත අමතර විදුලි පහන් සවිකර ධාවන කරන වාහන, වාහනවල ඉදිරිපස, පිටුපස සහ බඳෙහි චිත්‍ර මෝස්තර සහ වෙළඳ දැන්වීම් ප්‍රදර්ශණය කර ඇති වාහන, වාහනවල නීති විරෝධී සවිකිරීම් පිළිබදව ද පරීක්ෂා කිරීමට නියමිතයි.
ඊට අමතරව ධාවනයට නුසුදුසු තත්ත්වයේ පවතින වාහන ද මෙහිදි පරීක්ෂා කිරීමට නියමිත බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
එමෙන්ම අධික ශබ්ද සහිත සයිලන්සර් සහිත වාහන මෙන්ම ඝෝෂාකාරී නළා සවිකර ඇති වාහන සම්බන්ධයෙන් ද අද දිනයේ සිට නිතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසියට උපදෙස් ලබා දී තිබෙනවා.