සීඝ්‍රයෙන් වැඩිදියුණුවූ AI තාක්ෂණය අද වනවිට ගෝලීය වශයෙන් නවමු මාවතකට ගෙන ගොස් තිබෙනවා.
මෙම සතියේ යුරෝපයේ විශාලතම තාක්ෂණික සහ උපකරණ වෙළඳ ප්‍රදර්ශනය වන IFA හිදී, රොබෝවරුන්ගේ සිට ශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර දක්වා සෑම උපාංගයකම AI යන පදය භාවිතා කරමින් සිටිනවා.
ගෘහ උපකරණවල AI භාවිතයන් අසා ඇති පළමු අවස්ථාව මෙය වූ අතර, Samsung සමාගම එහි පුරෝගාමීව කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
Samsung හි ගෝලීය විධායක උප සභාපති, ඩිජිටල් උපකරණ සඳහා පර්යේෂණ සහ සංවර්ධන කණ්ඩායමේ ප්‍රධානී ජියොන්ග් සියුං මූන් සමග පැවති සාකච්ඡාවකදී ඔහු සඳහන් කර ඇත්තේ තම සමාගමේ ප්‍රධාන අරමුණ පාරිභෝගික ආරක්ෂාව බවයි.
පාරිභෝගික දත්ත ආරක්ෂාව උල්ලංඝනය සිදුවුවහොත් එය ඔවුන්ට දැඩි හානියක් විය හැකි බව ජියොන්ග් සියුං මූන් කියාසිටියා.
ස්මාර්ට් ජංගම දුරකථනය සඳහා යොදාගත් නොක්ස් (Knox) ආරක්ෂක පද්ධතිය දැන් Samsung හි අනෙක් උපකරණ සඳහා ද යොදවා තිබීම විශේෂත්වයක් වනවා.
නිවස තුළ ඇති උපාංග අතර, Bespoke Jet Bot Combo robot vacuum මගින් පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ඉතා ඉහළ මට්ටමේ තෙවන පාර්ශවීය ආරක්ෂකයෙකු ලෙස ක්‍රියා කරනු ලබනවා.
එයට IoT සම්මත සහතිකය මෙන්ම TÜV Nord IoT වෙතින් ආරක්ෂක සහතිකයක්ද ප්‍රදානය කර ඇති අතර කොරියානු අන්තර්ජාල සහ ආරක්ෂක ඒජන්සියෙන් (KISA) අනුමැතියද ලැබී තිබෙනවා.
කෙසේවෙතත් හැකර්වරුන් සහ ඔවුන් භාවිත කරන නවීන තාක්ෂණයන් ඉහළ මට්ටමක පවතින නමුත් ඒ අනුව අප ආයතනයේද ආරක්ෂක පද්ධතීන් අඛන්ඩව වර්ධනය විය යුතු බවයි සියුං මුන් පෙන්වාදෙන්නේ.
AI අපගේ ජීවිත යහපත් කළ හැකි , නමුත් පුද්ගලික දත්ත ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය නොමැතිව AI භාවිතය අවදානමක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.