Latest News

වීසා බලපත්‍ර නොමැතිව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන නවතම අනාවරණයක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වීසා බලපත්‍ර නොමැති ශ්‍රී ලාංකිකයන් පන්දහසක් පමණ ඊශ්‍රායලයේ රැඳී සිටින බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.

එම පිරිසට වීසා බලපත්‍ර ලබාදීමට තමා කළ උත්සහය පසුගිය රජයේ ඇතැම් මැති ඇමතිවරුන්ගේ වැඩපිළිවෙළ නිසා මගහැරුණු බවද තානාපතිවරයා පැවසුවා.

ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් කණ්ඩායමක් ඊශ්‍රායලයේදි හමු වූ අවස්ථාවේදීයි තානාපතිවරයා මෙ බව පැවසුවේ.

මේ අතර ඊශ්‍රායලයේ ලක්ෂ දෙකක පමණ ශ්‍රම හිඟයක් පවතින බවද ඔහු හෙළිකළා.

විශේෂයෙන්ම ඉදිකිරීම් සහ හෝටල් යන ක්ෂේත්‍රවල රැකියා සඳහා ශ්‍රමිකයන් අවශ්‍ය බවයි ඔහු මාධ්‍යවේදීන් හමුවේ පෙන්වාදුන්නේ.

ශ්‍රී ලාංකිකයන් මේවනවිට ඊශ්‍රායලයේ විවිධ රැකියාවල නිරතව සිටින බවත් ලබන දෙසැම්බර් මාසය වන විට ශ්‍රී ලාංකිකයින් හාරදහසකට පමණ රැකියා අවස්ථා උදා වනු ඇතැයි තානාපතිවරයා විශ්වාසය පළ කළා.

වර්තමානයේ මිනිස් ජාවාරම්කරුවන් නිත්‍යනුකූල නොවන අයුරින් රැකියා ලබාදීම ගැටලුවක් බවද පැවසු තානාපතිවරයා ඇතැම් ශ්‍රී ලංකා රැකියාලාභින් මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට හුරැවිම නිසා විවිධ ගැටලු වලට මුහුණ දි සිටින බවද මෙහිදි හෙළිවුණා.

World News

Send your contact Details Today