ජනප්‍රිය විලාසිතා නිර්මාණකරුවෙකු වන ජෝර්ජියෝ අර්මානි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
91 හැවිරිදි වියේ පසුවූ ඔහු තම නිවසේදී මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
නවීන ලෝකයේ ඇඳුම හෙවත් Modern Suit යන සංකල්පය නැවත පරිකල්පනය කිරීම වෙනුවෙන් ඔහු ප්‍රසිද්ධියට පත් වුණා.
ඔහු පිරිමින් සඳහා වඩා පහසු ඇඳුම් සහ කාන්තාවන් වෙනුවෙන් ජනප්‍රිය ඇඳුම් කට්ටල හඳුන්වා දුන්නා.
අතිශයින් බර අඩු නිරූපණ ශිල්පින්, නිරූපණ මණ්ඩපයට ගෙන ඒම නතර කළ ලොව පළමු විලාසිතා නිර්මාණකරු වන්නේද ඔහුයි.
ඔහුගේ සමාගම වසරකට අමෙරිකානු ඩොලර් බිලියන දෙකකට වඩා ඉපැයූ බවයි වාර්තා වන්නේ.
නමුත් ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ සිදුකළ ඇතැම් ප්‍රකාශ සහ ඔහුගේ නිෂ්පාදන වෙනුවෙන් චීනයේ ශ්‍රමිකයන් සූරා කෑමක් සිදුවන බවට තහවුරු වීමෙන් පසුව විවේචනවලටද ලක්වුණා.