සමෙහි පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විදින අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන්ට සැත්කමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව මේ වන විට 82 හැවිරිදි වියේ පසුවන හිටපු ජනාධිපතිවරයා දිගු කාලයක සිට පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විදිමින් සිටි බව සඳහන්.
මේ හේතුවෙන් පසුගිය දා ඔහු ශල්‍යකර්මයකට ලක්ව ඇති බවට හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
2023 වසරේදී ද හිටපු ජනාධිපති ජෝ බයිඩන් හට සැත්කමක් සිදු කර තිබූ බවයි වාර්තා වන්නේ.
ඊට අමතරව බයිඩන්ගේ වැඩිමහල් පුත්‍රයා ද 2015 වසරේදී පිළිකාවකට ගොදුරු වී ජීවිතක්ෂයට පත්ව තිබෙන බව සඳහන්.