Latest News

බිලියනපති ව්‍යාපාරිකයාට නීතිවිරෝධී තරග චෝදනා

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් හි බිලියනපතියෙකු වන ඒඩ්‍රියන් පෝර්ටෙලි නීතිවිරෝධී තරග ක්‍රියාත්මක කළ බවට චෝදනා ලැබ ඇති නඩුවකට අදාළව අධිකරණයේ පෙනී සිට තිබෙනවා.

පෝර්ටෙලි සහ ඔහුගේ ව්‍යාපාරය 2023 ජනවාරි සිට පසුගිය වසරේ මැයි දක්වා කාලය තුළ බලපත්‍රයක් නොමැතිව දකුණු ඔස්ට්‍රේලියාවේ තරග මාලාවක් පවත්වා ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

”Lambo Guy” ලෙසද හඳුන්වවන ඔහු 35 හැවිරිදි ඔහු මහේස්ත්‍රාත් අධිකරණයෙන් පිටතදී ආවේගශීලී ප්‍රකාශයක් කරමින් මෙය “බදු ගෙවන්නන්ගේ මුදල් නාස්ති කිරීමක්” ලෙස සදහන් කළා.

තවද මෙය ඔහුගේ ආයෝජන “පාර්ශවයන් අතර සන්නිවේදන අර්බුදයක් පමණක්” බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.

මෙම නඩුවේදී ඒඩ්‍රියන් පෝර්ටෙලිට සහ ඔහුගේ සමාගමට ඩොලර් 190,000 දක්වා දඩයකට ලක් විය හැකි බවයි වාර්තා වන්නේ.

අධිකරණ විභාගය තවදුරටත් ඉදිරි දින කිහිපය තුළ ඉදිරියට ගෙන යාමට නියමිතයි.

World News

Send your contact Details Today