Latest News

ඉන්දුනීසියාවේ කාන්තාවන් කොසු රැගෙන එරට පාර්ලිමේන්තුව වටලයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දු­නී­සි­යාවේ සිය ගණ­නා­වක කාන්තා­වන් කොසු ඉදල් රැගෙන ඊයේ එරට පාර්ලිමේන්තුව දක්වා විරෝ­ධතා පාගම­නක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ රජයේ මුදල් අව­භා­වි­තය සහ පොලී­සියේ අප­යෝ­ජ­න­ව­ලට එරෙ­හිවයි.

මහ­ජ­න­තා­වට අඩු වැටුප් ලැබෙද්දී දේශ­පා­ල­න­ඥ­යන්ගේ සුඛෝ­ප­භෝගී ජීවිත ගත කිරී­මට එරෙ­හිව ඉන්දු­නී­සි­යාවේ ජකර්තා නුවර පසු­ගි­යදා ආරම්භ වූ මහ­ජන විරෝ­ධතා තවත් නගර රැසක මේ වන­විට ව්‍යාප්ත වී ඇති බවත්, මැති­ඇ­මැ­ති­ව­රුන්ගේ සුඛෝ­ප­භෝගී ජීවන රටා­වට එරෙ­හිව ජනතා විරෝ­ධය උත්සන්න වී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළා.

රජයේ මුදල් අව­භා­වි­ත­යට එරෙ­හිව ආරම්භ වූ විරෝ­ධතා ප්‍රඩ­ණ්ඩ­ත්වය දක්වා පැතිරී ගොස් ඇත්තේ එම විරෝ­ධතා අත­ර­තුර පොලිස් කැරලි මර්දන රථ­ය­කට හසුවී තරු­ණ­යකු මියයෑම බවයි වාර්තා වන්නේ.

ටැක්සි රථ රියැ­දු­රකු වන අදාළ තරු­ණයා මියයෑමෙන් පසු කුපිත වූ ජන­තාව පොලී­සිය සමඟ ගැටුම් ඇති­ක­ර­ගත් බව ද සඳහන්.

එරට ජනා­ධි­පති ප්‍රබෝවා සුබි­යැන්ටෝ චීනයේ යුද විජ­ය­ග්‍ර­හණ සැම­රු­මට සහ­භා­ගි­වීමට චීනයේ සංචා­රය කිරී­මෙන් ජනතා විරෝ­ධය ඉහළ ගොස් ඇති අතර, එම සංචා­රය අව­ලංගු නොකි­රීම ජන­තා­වගේ දැඩි විවේ­ච­න­යට ලක්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කරනවා.

ඊයේ ඉන්දු­නී­සි­යාවේ පාර්ලි­මේ­න්තුව දක්වා විරෝ­ධතා පාග­ම­නට එක්වූ කාන්තා­වන් පැවසූයේ රජයේ අපි­රි­සු­දු­කම, මිලි­ට­රි­වා­දය සහ පොලිස් මර්දන අතුගා දැමී­මට පැමිණි බවයි.

ඇතැම් කාන්තා­වන් පොලී­සිය ප්‍රති­සං­ස්ක­ර­ණය කරන ලෙස සඳ­හන් සටන් පාඨ සහිත පුවරු ප්‍රද­ර්ශන කර ඇති අතර, පුර­වැ­සි­යන්ගේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙස රජ­යෙන් ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today