තායිලන්ත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරට වැඩබලන අග්‍රාමාත්‍යවරයා සූදානම් වනවා.
එරට දැවැන්තම විපක්ෂයේ සහය ප්‍රතිවාදී අපේක්ෂකයා වෙත ලබාදෙන බවට නිවේදනය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගැනීමටයි පාලක පක්ෂය පියවර ගෙන ඇත්තේ.
අගමැති පේටොන්ග්ටාන් ශිනවත්‍රා පසුගිය සතියේදී ව්‍යවස්ථා අධිකරණයක් මගින් බලයෙන් පහ කෙරුණා.
මේ අනුව තායිලන්තයේ පාලන බලය මේ වනවිට දෝලනය වෙමිනුයි ඇත්තේ.
නව අගමැතිවරයා තෝරාපත් කරගැනීමට පාලක පියු තායි පක්ෂය කැමති වූවද විපක්ෂයේ දැවැන්තම පක්ෂයෙන් ඊට සහයක් නැහැ.
විපක්ෂයේ ලොකුම පක්ෂයේ තීරණය දැනුම්දීමත් සමඟ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට වැඩබලන අගමැතිවරයා තීරණය ගෙන ඇති අතර ඊට අදාළ ආඥාව ද පාර්ලිමේන්තුව වෙත බාරදී තිබෙන බවයි එරට වාර්තා පවසන්නේ.