Google සමාගමට එහි Chrome වෙබ් බ්‍රව්සරය විකිණීමට සිදු නොවුන ද, තරගකරුවන් සමඟ තොරතුරු බෙදා ගත යුතු බවට එක්සත් ජනපද ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් නියෝග කර තිබෙනවා.
ඒ අනුව මෙම තීරණය ගෙන ඇත්තේ මාර්ගගත සෙවුමේ Google ආධිපත්‍යය සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා පැවති අධිකරණ නඩු විභායකින් පසුව, දිස්ත්‍රික් විනිසුරු අමිත් මේතා විසින්.
එසේම අදාළ නඩුව කේන්ද්‍රගත වූයේ Android සහ Chrome වැනි තමන්ගේම නිෂ්පාදන පරාසයක මෙන්ම, Apple වැනි සමාගම් මඟින් නිෂ්පාදනය කරන ලද අනෙකුත් නිෂ්පාදනවල පෙරනිමි සෙවුම් යන්ත්‍රය වශයෙන් ගූගල්ගේ ස්ථානය වටායි.
මේ අතර එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව Google Chrome විකුණන මෙන් ඉල්ලා තිබුණා.
එහෙත් ඊයේ දින ලබාදුන් නඩු තීන්දුවේ තීරණයෙන් අදහස් වන්නේ තාක්ෂණික දැවැන්තයාට එය තබා ගත හැකි නමුත් එයට සුවිශේෂී කොන්ත්‍රාත්තු තිබීම තහනම් වන අතර ප්‍රතිවාදීන් සමග සෙවුම් දත්ත බෙදා ගත යුතු බවයි.