Latest News

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ICC යෙන් දඩයක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) දඩයක් නියම කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති දෙවන එක්දින තරගයේ නියමිත කාලය තුළ පන්දුවාර ගණන යැවීමට අසමත්වීම හේතුවෙන්.

ඒ අනුව තරග ගාස්තුවෙන් 5%ක දඩයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නියම කරනු ලැබුවා.

ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුවයි මෙම දඩය නියම කර ඇත්තේ.

මේ අතර නායක චරිත් අසලංක අදාළ වරද සහ දඬුවම පිළිගෙන ඇති බැවින් විධිමත් විභාගයක් සිදු නොවූ බව ICC නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

චෝදනාව එල්ල කර තිබුණේ පිටියේ විනිසුරුවන් වූ ඉක්නෝ චාබි සහ රිචඩ් කෙට්ල්බරෝ, තුන්වන විනිසුරු පර්සිවල් සිසාරා සහ සිව්වන විනිසුරු ෆෝස්ටර් මුටිස්වා විසින්.

World News

Send your contact Details Today